Pages

Monday, October 17, 2011

විපක්ෂ නායක ඇමති වෙතටය

ජනී ජනතාව දුක්වෙති දෙස් තබති
තැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිති
ජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිති
යුද ගිනි නිවුණ රට බල - දොර දොර ඇවිල ඇති

අත් පා නිදහස් ය එද එහි බැඳි විලංගුය
මුකවාඩම නොමැතිමුත් වියතුන් නම් ගොලුය
දෙස බස රැස රකින සඟ වෙද ගුරු නැති ලෙසය
ගොවියන් - කම්හලේ නයුවන්- නගුල ට බැඳය

රට කරවන ලෙසින ජනයින් පත් කරති ජඩයන
උන් බලයෙන් මත්ව නීතිය ගෙන රගති හෙලුවෙන
කරතොත් කරව හරියට නැතිනම් පලයැ කියැවෙන
බස රකිනා ලෙසට හැසිරෙන මොවුහු වනසව

කැබලිකර විකුණාය මවුබිම රහසින් නොරටුන්ට
ණය බර ඉතිරි කර ඇත දෙරණේ දරුවන්ට
රහසින් වත් මෙවැනි පාලනයක් පෙරලන්ට
නොපතන රනිල් පත් කරමු ප‍්‍රති ඇමති කමකට


හිතුවක්කාරයා