Pages

Monday, October 24, 2011

හැරවුම් ලක්ෂය

පින්සර ගරු සමිද උඩුවේ හිමි අද කොයි ද
අම සර නැගූ හිමි රතන නිහඬව ඇයි ද
විදු සර බිනූ පිටිදුවේ හිමිට මක් වි ද
කෙළවර බොදු රජය නැග එද කවදාද

චකරවර වර්ති හිමියනි චන්දෙට වැඩි පාරේ
අද නැත්තේ මන්ද හැම තැන ඇත අවරේ
පින් බිම ගිලී ඇත බියකරු ගන අඳුරේ
තනිව නිවන කිම දන තනිකරදා කතරේ


කහවනු බිම අතුර සග මාලිග තැනෙන සමේ
නාමල් අරණ ගැන ටෙලි හැදෙන පින් බිමේ
මැඩෙන තැලෙන පෑගෙන දන දෙස සොවිනේ
ගනු කහ සිවුර අවුලමු එය උඩු ගුවනේ



හිතුවක්කාරයා

2 comments:

මාතලන් said...

එළ... පට්ට... පට්ටම පට්ට..
සිවුර කරට ගන්න ඕන කාලේ
එකෙක්වත් හොයා ගන්නවත් නෑ..

``` Outsider``` said...

පිටිදූවේ හිමිනම් සකෘදගාමී වෙලාලු. අනෙක් අය අනේ මන්ද?