බුලත් අතට දුම්කොළයක් අරගෙන
දොහොත් මුදුන් දී වැන්දා දෙදණ නමා
නිල් කොට කලිසම නිල් වැඩි කමීසයට
ගැලපෙනමුත් දෙකකුල් තිබුණේ නිරුවත්වයි
කුඹුර කොටන හේනේ වැට අවුලන
අතරවාරයේ කිව්වේ චක්කර
තනියට සීපද වෙනුවට ගැයුනේ සමීකරණ
විභාගෙ ලිව්වා පාඩම් කෙරුවා එක එක පන්තිය ඉහල ගියා
වාසනාව ගෙදරට ආවා වාගෙයි ආණ්ඩුවෙන් ලියුමක් ලැබුණා
ගමෙන් ඇවිත් දස්කම් පෙන්නුව දරුවා
උපාධියක් ගන්නට යනවා
අම්මාවරු සතුටින් හැඩුවා
වල් වැදුනා තල හේනට කුඹුරට
උදලූ මහන්සියවත් නොදෙනා
වත්තේ කුලියන යන දෙමහල්ලෝ
අහස උසට අතැගිලි බැන්දා
කදුලූ ගෑස් ජල පරහාර වැදිලා
සී සීකඩ විසිරුණ පණ ගැහෙනා හදවත්අතරේ
වටකුරු වී හිස බදා වැලපෙන කදුලක්
අර නිල් කලිසමමයි - රතු ලේ පාටින් පෙගිලා
No comments:
Post a Comment