Pages

Sunday, August 22, 2010

ගිනි නිවන්නී

ලැම නොපෙන්නන නමුත් හිත මහා ගින්දර දරන ඇය
හිත බරෙන් මිදී ළය මැද කාසි සගවා
උදෑසන හිරැ එබෙන්නට කලින් පිටත්වන නුඹ
එකම මල් යායක හීන ගලපන නොදන්නා දෙනෝදාහක්

වේසකම් පිරි පුරවරයක සැදැහැතියක් වූ ඇයට
පට්ට වේසියක් යැයි කියන්නේ ඇයි නොදන්නෙමි
හිත පුරා ඇවිලෙනා රාග ගිනි නිවා සනහන වරද
අවුලුවන්නා විනා නිවන්නී වෙත පවරන්නේ මන්ද?

දුක දරා මහත් වූ පෙම වඩා දරු වඩන්නී ඈ ම ය
ලොල්ව මහතුන් කි බොරැ වලින් රැවටී හඩන්නී ඇය ම ය
විදින්නී පරිබව දොරින් දොර වැසී අහිමිව පතිනිබව ඕ ම ය
ජඩයන්ට බුදුවිය හැකි නමුදු වේසියන් බුදු නොවන්නී සේ ම ය


හිතුවක්කාරයා

අපේ රටේ කාන්තාවන් 47000ක් ලිංගික ශ්‍රමිකාවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ -අධ්‍යයනයකින් -අනාවරණය වී ඇත්තේය

1 comment:

Shadow/හේමලයා said...

අතීසාරයට අමුඩ කෙසේවෙතත් ඇබ ගහන්නට දක්ෂ අපේ උන්ගේ ඒවා ලොක් කොරන්නවත් තීරණය නොකලොත් තමා පුදුමේ....:(