අත වෙලාගෙන. රවුල දවස් ගණනකින් කපලා නැහැ. ඇදුම පරණ වුණත් තාම සුද නොමැකී දිලිහෙනවා. හිතුවක්කාරයා කොළඹ ඇස්වාට්ටුව හන්දියෙන් වමට හැරෙන වෙලාවෙ මෙන්න මේ අත වෙලා ගත්ත උන්නැහේ තුන් කුන්දෙන් පැනලා වෙලා ගත්ත අත පෑවා.
‘‘ අනේ පිං ඇති මහත්තයෝ කීයක් හරි දෙන්ට’’
අතේ තිබුණෙ සත පණහයි. කාසි හිග වෙලාව. රුපියල් කොළ සාක්කුවේ තිබුණත් හොද ඇගපත ඇති මෙහෙව් එකෙකුට නොදී ඉන්නමයි හිත.
‘‘ අනේ අනේ ... අහක බලා ගෙන යන්නේනප්පා. අහිංසකයා. දුප්පතා. මට හෙනහුරාගෙ ඛාලේ.... ’’
ලොක්කා මෙහේ හිගා කන්ට හොද තැනක් නෙවෙයි. කොළඹ. පේනවා නෙ. වටරවුම් වෙනස් වෙලා. වතුර මල් අමුණලා. දැං රාළහාමි කෙනෙක් ආවොත් තමුංව ගෙනිහං දාන්නෙ වීරවිල. දන්නවා නේ හිතුවක්කාරයා ඔරවලා බලන ගමන් කිව්වා.
‘‘හිටියෙ ඒ කිට්ටුව තමයි. ඉන්පස්සෙ එයිං එහා මාගං පත්තුවේ උදවියත් එක්ක ඇගලූං පෑවා. පටං ගත්තෙ දණ ගහල වැදලා...අන්තිමට ඉත්තිරි වුණේ මෙච්චරයි. වණේ වන හතුරෙකුටවත් වෙන්නෙපා.’’
එහෙම ඇහුණාම හිතුවක්කාරයා පාර මාරුවෙන එක නතරම කළා. ‘‘ ඔහේ දන්නැතෙයි. මේ දවස්වල හිගන්නො අල්ලනවා. වීරවිල හිටියනං එහෙටම වෙලා ඉන්ට තිබුණ නෙව. දැං වරායක් හදනවා. ගුවන් තොටුපොල.... ’’
හිතුවක්කාරයාට කියන්න හම්බවුණේ ඒ වාක්යං්ශය විතරයි.
‘‘ අපි නොදන්න වරාය. පාර කැපුවෙ මම. බෙල්ල දුන්නෙ මම. එක පසික්කාටුටුවෙක් උං වෙනුවෙන් මං කරපු තරං මජර වැඩ කළේ නැ. මයේ පරංපරාවට නෙවෙයි. උංට පාර කපන්ට. මට වැරදුනා. ..’’ පිනට සල්ලි ඉල්ලන උන්නැහේ දැං කතා කරන්නේ හිතේ වේදනාවෙන්.
‘‘ මට තේරුණේ නැහ් ’’ හිතුවක්කාරයා කිව්වා.
‘‘ ඔහොම යං. ... මේ රටේ කතාව අහල තියෙනවද? රජ්ජුරුවොයි සංඝයා වහන්සෙයි ආස්සරේට හොද නෑ කියලා. ’’ මම ඒක ආයෙත් දැන ගත්තා... ’’ මේ උන්නැහේ උත්තර දුන්නෙ යන්නෙ කොහෙද ? මල්ලෙ පොල් කතාවක්.
හිතුවක්කාරයා තවත් ටිකක් ලං වුණා.‘‘ ලොකු උන්නැහේ හිත් වේදනාවෙං වගේ. අසනීපයක් ද? දවල්ට කෑවද? ’’ සත පණහ නොදෙන්න හිතා ගත්තට ... දුකට ම අහන්න සිද්ධ වුණා.
‘‘ අනේහ් .... නෑ.. මං හිටියෙ රජ්ජුරුවො ඔහොම ..මම මෙහෙම වගේ.....කොටින්ම උන්නැහේ වියායාම කරලා කාට හරි බනින්න සූදානං උනෙත් මගෙං නරක වචන අහගෙන. ’’
ඉත්තිං.....
‘‘ ඉස්සෙල්ලා ආව අං වෙනුවට පස්සෙ ආපු කණ ලොකු වුණා. ඡුන්දෙ කාලෙ උගේ කට ලොකු වුණා. ජන්දෙ දිනුවාම ඌ ගිහින් කමිටුවට විරුද්ධව උපවාසෙ පටන් ගත්තා.... මං දැං මොකාද? ..’’ ලොකු උන්නැහේ ඉහිං කටිං වෑහෙන දාඩිය සුද මැකී යන කමීසෙං පිහිනවා.
හිතුවක්කාරයාට කතා කරගන්න කලිං ආයත් ...කතාව
‘‘ රූපවාහිනියෙ කෙල්ලන්ට ගැහුවා. සිරස විනාශ කලා. කැළණිය කසිප්පු ගුහාවක් කළා. කුඩු කාරයෝ ආරස්සා කළා. ...නීතිය විග්ගරහ කරන්න පටන් ගත්තා... මේ සමූපෙ වැඩ කරපු කොල්ලගෙ උවමනාවට ද පින්වතුනි... අනේ නෑහ්.. ’’
වස්තරෙ මූණ පිහිදගත්ත ලොකු උන්නැහේ ආයෙත් කතාව පටන් ගත්තෙ ඇහැ හීනි කරලා වට පිට බැලූවට පස්සෙ.
‘‘ එයා වෙනුවෙන් මැර කං කළා. එයා වෙනුවෙන් ජඩ වැඩ කළා. එයා එහෙට ගියා. මට හම්බවුණේ උප ඇමතිකං. ඇණුං.. බැනුං... ’’
දැං දැං සිද්ධවෙන්නෙ මහා පාපොච්චාරණයක් බව වටහා ගත්ත
හිතුවක්කාරයා පාර පනින්න සූදානං වුණේ මේ මරාලෙං බේරෙන එක මහා විජයගරකාරහණයක් බව ඉවෙන් වගේ දැනුන නිසා.
’‘ අනේ යනේන්න එප්පාහ්... නපුරු කලට ..මනුස්සයට දුකට පිහිට වෙන්ට.... ’’
හිතුවක්කාරයා පාර මාරු වෙන්න පටන් ගත්තා. ‘‘අර අහිංසකයා ගස් බැන්දටම වෙච්චි හොද වැඬේ. .... හොදම වැඬේ .. අතර මගදි හිතුවා.... එළියට දැම්මා. ආරක්ෂාවත් නැති කළා. වාහනෙත් ගත්තා. විනය පරීක්ෂණයකුත් ආවා. පක්ෂෙනුත් පන්නලා....පුහ්... සිරිකොතේ සාමාජිකත්වය ගන්න වුණොත් කොහොමට හිටීද? ’’
හිතුවක්කාරයාගේ හිතිවිලි දිගටම පාවෙනවා.
-හිතුවක්කාරයා
No comments:
Post a Comment