Pages

Wednesday, August 4, 2010

අධිවේගී පාර අද්දර හුදෙකලාව

අපි එදා බෙදා ගත් කලටි පොල්ගහ උස ගිහින්
ඒ ළගින් තිබුණ - හී ඇල වියැලිලා
දං පදුරු අතරින් අතැගිලි තුඩු මතින් ඉපිලී
කුරැලු කූඩුව දිහා බලා හිටියා මතකද?

දම් පාට පැහුණ ගෙඩි එකකවත් කැවෙ නැහැ
සර්පයින් දශ්ට කරලා ඒ නිසා නොකා ඉමු
අපට කරදරයක් වෙච්චි පොඩි නංගි බය කළා
ඒත් අපි ඇතිපදං දං කඩං කෑවා

ඒ දණ්ඩ හරි මැදදි උඩ පණින විට කෑ ගසා
ඇලට වැටුණා නෙවෙයි හරි කැමැත්තෙන් පැන්නා
ගෙදර යන්නට කලින් තෙත කොණ්ඩෙ වේලගෙන
දම් පාට දත මැද්දෙ බෝම්බු කෝටුව කඩාගෙන

කුරැලු කූඩුවත් නෑ - ඒතැන දං පදුරත් වැනසිලා
ඇලපාර වහන්නට ගත් මහන්සිය නිසා
පහල වෙල් යාය මලකඩ වෙන්න අත් හැරලා
අද ඉතිරි කද මහත අග හීනි - තනි පොල් ගහ විතරමයි

1 comment:

charmi said...

කද මහත අග හීනි - තනි පොල් ගහ....

කදිම රූපකයක්. හොඳ කවියක්.
සුබපැතුම්.


(කමෙන්ට්ස් වල Word Verification එක අයින් කලොත් නරකද?)