Pages

Monday, September 13, 2010

හිතුවක්කාරයාගේ අසෝබන කතා - 2 - නායක තුමා හමුවීම

හිතුවක්කාරයා පිටකෝට්ට හන්දියේ ඇවිදගෙන යනවා. මෙන්න තියෙනවා අද අදින ටිකේට්. ලක්ෂ එකසියාසූවයි. ආ එන්ඩ ගන්ඩෝ කිය කියා හාදයෙක් ලොතරුයි විකුණනවා.

‘‘මෙතැනින් පෙට‍්‍රල් ගත්තා. ගිනි තියාගත්තේ අතන. එන්ඩ අදයි වාසනාව. එයාලගේ අවාසනාව. අපේ වාසනාව ටිකට් ගන්ඩෙයි.‘‘ ලොතැරුයි කාරයා ටිකට් විකුණන්නේ පරණ කතාන්දර මතක්කර කර.

හිතුවක්කාරයා පාර පැන්නා. අහුවුණේ සෙනග තද බදේකට. තල්ලු වෙවී ගිය හිතුවක්කාරයා නතර වුනේ පක්ෂ කාර්යාලය ඇතුලෙ.

තාමත් හිනාවෙවී ඉන්න නායකතුමා හිතුවක්කාරයා ගෙ ඔහොම මෙහෙම.

‘‘ආ....බොහොම කාලෙකින් දැක්කෙ. ‘‘ උන්නැහේ පළමුවෙන් කතා කරන්න පටන් ගත්තා.

‘‘ එහෙමයි...බලල යන්ට කියල ආවෙ.’‘

‘‘ එහෙම් ම ගිහිල්ල බැහැ. යමු.... අපි කහට කෝප්පයක් බොන ගමන් කතා කරමු.’‘ නායකතුමා ගෙන් තේ කෝප්පයක් බොන්න හම්බ වුණා නම් පක්ෂය දාලා ගිහින් ආණ්ඩුවට එකතු වෙලා එදා වේල නැතුව ඉන්න සෑහෙන පිරිසක් අද මෙතැන නේද? කියල හිතුවක්කාරයාගේ හිතට ආවා.

‘‘ ඔබතුමා එදා කලු කොට් ඇදල හිටි දවසෙ හරි හැඩයි’’ හිතුවක්කාරයාට කියැවුණා.

කතාවක් නැහැ.

හැබැයි එයිට යටින් සුදු කමීසයක් නොවැ ? කට තියාගෙන ඉන්න බැරි හිතුවක්කාරයා තව ප‍්‍රශ්නයක් අතඇරියා.

‘‘ මෙහෙම නෙව. මම කිව්වෙ කලු අදින්න කියල. මමත් ඇන්දා. මාව අන්දන්න හිටි ඈයො සුදු ඇන්දා. මම එවුන්වත් ඇන්දුවා. මම කලු ත් නෑ සුදු ත් නැහ්. තේරුණා ද? නායක තුමා ඇහුවෙ පුටුව දිහාට අත දිග් කරන ගමන්. හිතුවක්කාරයා වාඩි වුණා. නායක තුමාත් හරි බරි ගැහිලා වාඩි වුණේ දිග කතාවකට මුල පුරන්න.

මුලු කාමරය පුරාම රාමු කරපු පින්තූර. නායක තුමා නායකයන් එක්ක ඉන්නවා. කතා කරනවා. අතට අත දෙනවා. පරණ නායක නායිකාවෝ. දැන් ඉන්න අය. මේ රටේ අය. පිටරට අය. බිත්තිය ඓතිහාසික කතාන්දරයක් වගෙයි.

‘‘ ඔය ඔක්කොම වැදගත් දේශපාලන අවස්ථා තේරුණාද? ‘‘ නායක තුමා මගේ අවධානය අවබෝධ කරගත්තා.

අන්තිම කෙළවරේ රටේ නායකයා එක්ක උන්නැහේ ඇවිදගෙන එන පින්තූරයක්. අපේ නායක තුමා කෝට් ඇදලා. රටේ නායක තුමා ඉන්නේ එක්සසයිස් ඇදුම පිටින්. ‘‘ඔබ තුමාව අන්දනවා කියල හොදටම දැන දැනත් විධායක අගමැති කමක් ගැන කතා කරන්න ගියේ මොන හිතකින්ද? දැන් බලන්න ඒ සෙල්ලමෙනුත් තමුංගෙ දහ දොලොස් දෙනෙක් නැතිවුණා නෙව.‘‘ ඒ පින්තූරෙ දිහා බලාගෙන හිතුවක්කාරයා කතා කළා.

‘‘ මෙහෙම හිතන්න. එයාල ගියා. තව තව තරුණ බලවේග එකතු වෙනවා. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ වගේ පවුල්වාදී ඒකාධිපති වියරුව මට නැහ්‘‘ මෙතුමා කියනවා.

එතකොට හිතුවක්කාරයා ඇහැව්වෙ ‘‘ ඔබතුමාට ජනාධිපති වෙන්ට අදහසක් නැද්ද?‘‘

‘‘ පුහ්..... එයා එහෙමම හිටියාවෙ. දැන් මමත් මෙහෙමම හිටියාවෙ..... කහට එක බීලා උන්නැහේට මෙහෙම හිටින්ටත් පුලුවන් දැන් මෙහෙත් කවුරුවත් එහෙමටම නැහැ නෙව......’‘

සීනි ටිකක කටට හලා ගත්ත හිතුවක්කාරයා පාරට පැන්නා. සාත්තර බණ්ඩාරට කියලා කේන්දරය බලාගත්තොත් හො`දයිහිතුවක්කාරයාට හිතුනා. ‘‘තරුණ බලවේගයකට නවතින්න තැන‘‘. ආපහු හැරිලා බලපු හිතුවක්කාරයාට කියැවුනේ නෑ. කල්පනාවට ආවා විතරයි.




5 comments:

charmi said...

ඇති යන්තං ඔයින් බේරිලා පාරට පැනගත්තා.
හැබැයි අපරාදෙ. තව ටිකක් වෙලා හිටියනං ආසන සංවිධායක කමකුත් අරගෙනම එන්ඩ තිබුනා.
(හැබැයි පස්සට කරදර වෙන්ඩ පුලුවන්)

Anonymous said...

අම්මපා....ඕකනම් තරුණ බලවේගය නවතින්න කියාපු තැන.

Anonymous said...

අම්මපා......කියාපු තැන,තරුණ බලවේගයකට නවතින්න..

Shadow/හේමලයා said...

තරුණ බලවේගය හරියට තරුණ බෞද්ධ සමිති වගෙ තමා....ඔක්කෝම ඉන්නේ නාකි....:)

``` Outsider``` said...

තරුණ කාලෙ මේ කතාව කාගෙන්වත් ඇහුණෙ නෑ නොව...