Pages

Sunday, September 12, 2010

ශ්වේත රාත‍්‍රිය

ඈ විලාසිනියකමැයි - අප නොදන්නා වග දන්නා
නොවී ගොදුරක් වී කරනු කෙලෙසක යැයි දන්නා දඩයම්

මහ රාත්තිරියක් උදා වෙන බව පෙනෙන මොහොතේ
අවුලවන ගිනි වැට අතරින් බලන්නී ආලෝකයක්

හමන පවනට නොදා පාවෙන්ට වියලි තණ පත්
සුලං හමනා දිසාවට ඉව අල්ලන්නී ලත් සහජයෙන්

නැන නුවණ වැඩී ඇති මුත් අප ද ලපටි තණ ගිරවුන්ය
පනින්නී දැක දැකත් ඇවිලෙන සොඳුරු ගිනි දැල් වෙත


විටෙක ඇය වැඩී ආ ගොර බිරම් දේශයක වීරවරියයි
මාරාවේශයෙන් සිටින මැරයන් හමුවේ සුදුවත හැඳ සිටි

රට ම ආවේශයක හෙලුවේ මන්ද - දැන දැන එ මැරයන් හමුවේ
දස දහස් තරුණන් ජීවිතය විඳි න්නට පෙර මිය යන බව

එයින් පසු පැරණි කවි වැල් ගෙන ගොතා මාලා පළඳවා ගත්තී
අනුන් එය කරනා විට දොස් පරොස් නැගෙන ලෝකයකම

කැඳවා රට පුරා දුහුනන් ඔවුන් අත ලියැවුන මල් නෙලා
තමන් මල් කළඹක්ව වී පිදුනාය පූජාසනයක නොදන්නා

විරෝධය? ජාතිවාදය පමණක් ද දරුවන්ට ඉගැන්වී අකුරු ද
සත්‍යය ය මෙයැම වේ යැයි කල්පනාවේ ගැලී සිටි දුහුනන්ට

තැන තැන වෙඩි පුපුරවමින් දිවි නසා ගන්නා සොයුරු කැළ
මළ ගෙදරක් කළේ රට එවිට නොපෙණුනි ඈ සිහිනයෙන් වත්

දැන් ඉතින් කාලයයි - යළි විඳි න්නට විදා අත් මේ ආහ්ලාදය
තුච්ජ යැයි උන් කියූ මණ්ඩපයකට වී - ගිනියම් රටක ශ්වේ ත රාත‍්‍රිය




---
මම මෙම කවිය දිනමිණ කව්සිලිලාර ට මේල් කළා. සිංහල පත්තර සාමාන්‍යයෙන් තාක්ෂණය භාවිතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. රාවය විතරයි හැකි හැම අවස්ථාවකම තාක්ෂණයෙන් වැඩ ගන්නේ. විශේෂයෙන් දහ අට වැනි පිටුව. පුදුමයි. මගේ නම එව්වොත් පළකරන්නම් කියලා දිනමිණ උත්තරයක් එවලා. හිතුවක්කාරයා කැමතියි හිතුවක්කාරයා නමින් පළවෙනවාට. දිනමිණ කැමති නෑ. ඒත් කාංචනා කරුණාමුණි තාක්ෂණය භාවිතා කරන එක ගැන සතුටුයි. --හිතුවක්කාරයා

2 comments:

charmi said...

මට දැනුයි පත්තු උනේ මචං. පිස්සු හැදෙනවා. මේ කවුරු හරි කවදා හරි ලිවිය යුත්තක්. ඒක ඔයා කලා.
'ආඬි ලිං වලින් ගලන්නෙ වතුර නෙමේ ලේ....' කියලා මෙයා මව්බිම දිනවන්න ගිය මොහොතේ මට දැනුනු අප්පිරියාව ඔයා ලියලා තියෙනවා.

මේ මෙයාගෙ ගීතයක් ගැන මම ලියූ අපරිණත සටහනක්.
http://reargate.blogspot.com/2010/06/blog-post.html

Bassa said...

@හිතුවක්කාරයා

oba mema kaviya dinaminata yewuwa nam obage oluwa wahama pareeksha kala yuthuya.

anagi nirmanaaki.