පාන් කන්නත් එපා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං
බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා
ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා
පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු
-හිතුවක්කාරයා
2 comments:
අපිත් බලං ඉන්නෙ හිතුවක්කාරයා.
දැං ගිය සතියේ බලං හිටියා ජාත්‍යන්තර වාණිජ නැවක් එනකං. ආවේ දේශීය එකක්.
ඒ වගේ ඔය කැසිනෝ වීදියෙත් දාන්නෙ දේශීය බූරුපොට් දෙකතුනක් බවට මෙන්න කැට!
දන්නවද අර සීතම්බරපටයේ කතාව ? රජ්ජුරුවෝ හෙලුවැල්ලෙන් කියල පොඩි එකෙක් කෑගහල කියනකන් අපේ ජනගහනයේ 99% කට ඕක පෙනෙන්නේ නෑ...
Post a Comment