Pages

Sunday, November 21, 2010

අපේ කාලයේ වීරයා ගේ කතාව

පාන් කන්නත් එපා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං

බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා

ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා

පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු

-හිතුවක්කාරයා

2 comments:

charmi said...

අපිත් බලං ඉන්නෙ හිතුවක්කාරයා.
දැං ගිය සතියේ බලං හිටියා ජාත්‍යන්තර වාණිජ නැවක් එනකං. ආවේ දේශීය එකක්.
ඒ වගේ ඔය කැසිනෝ වීදියෙත් දාන්නෙ දේශීය බූරුපොට් දෙකතුනක් බවට මෙන්න කැට!

lanka said...

දන්නවද අර සීතම්බරපටයේ කතාව ? රජ්ජුරුවෝ හෙලුවැල්ලෙන් කියල පොඩි එකෙක් කෑගහල කියනකන් අපේ ජනගහනයේ 99% කට ඕක පෙනෙන්නේ නෑ...