බැද්ද අද්දර හින්නි කොස්ගහ
එයට එපිටින් වැඩුන රඹුටන් පැලේ
අතුවිදා මහ ගහක් වි පීදුනා තනි හිත වගේ
සරන සියොතුන් නතර කර අතු ඉති දිගේ
කොළපාට අතු වටා රතුපාට පබලු වැල්
ඇඹුල දැනුනත් අපට ඇස් වලින් රහ බලයි
ලෝබ හිත් සාංකාවෙන් පෙලෙන හැටි දැනෙයි
අයිතිකර ගන්න බැරි තාරකාවක් වගෙයි
හී මලයා එක්ක ඇවිදින්
බස් පොලේ විකුණනා රඹුටන්
මගේ තොල් පෙති දිහා බලමින්
උන් ගනී නොවටිනා මිළ ගෙවමින්
අතු කඩා ගෙඩි නෙලා පැස බහා දුර ගෙවා
ඝෝර නගරය මැදින් ගලනා මහා වාහන ගගට අතපා
කාසි උපයන තනි හිතට දැනෙන්නේ
මහ බයක් බැද්ද අද්දර මහා කලුවර වගේ
2010.08.01 රාවය පත්තරේ දහ අවවැනි පිටුව මේ කවිය අරගෙන පත්තර පාඨකයන්ට කියවන්න අවස්ථාවක් දීලා. බොහොම ස්තුතියි.
1 comment:
මේ කවිය බ්ලොග් එකේ කියෙව්වට හොඳටම දැනුනේ රාවයේ කියවද්දි. (මටනම් මේ මාධ්‍ය දෙකේ පරතරය ගොඩක් විශාලයි)
ඇත්තටම කදිම නිර්මාණයක්.
Post a Comment