Pages

Friday, August 20, 2010

නෝ බෝල්

වටේටම නොයෙක් මිළ ගණන් වලට විකිණෙනා මිනිස්සු
ඉස්තරම් ඇගෑලූම්කම් සමග නොහොබිනා කැත වචන
කෙල ගා ඔප මට්ටම් කරන රතු පාට ලෙදර් පන්දුව සමග
මහා විසාල පිට්ටනියේ හුදෙකලා හදවතක් වැලපෙනවා දැක්කාද

මං වගේමයි ඇවිත් බිත්ති කණ්ඩිය අද්දර හිට ගත්තා
ඇහැ ඇරල බැලූවාම පෙණුනේ පාවෙනා නිලංකාර පරඩැල්
කාසි මලූ කද බැදන් බෙදනවා - අපිට දෝත පෑවාට දෙන්නැති
විච්චූරණ මැදින් ඇවිදගෙන ගියේ පිට්ටනිය මැද්දට

දණ ගහන්නැයි කීවාම දණ නොගහ ඉන්නේ කොහොමද
ඇහැ පියා ගත්තා නොපෙනෙන්න පෙනෙන මානය
ආයෙත් හිත නිකං වැනෙනවා ලෙලෙන ගොක් අත්තක් වගේ
අන්තිමට දැනුණෙ ඉර පන්නලා ගිය හිතේ ගිඩි - ගිඩිය

බොල් හුලගෙ පාවෙන්න තිබුණ අන්තිම බෝලයට
තුට්ටුවක් නොවටින්න හිත හදා ගත්තේ මම කොහොම
ආයෙමත් ඇහෙන්නේ ගෙදර ලග වක්කඬේ ගෝසාව
උන් එක්ක නැටුව දා - එදත් මගෙ පිට පුරවලා වැදුනෙ වැරණිය පාර


- හිතුවක්කාරයා

2 comments:

charmi said...

කිව්වා වගේ පහත්ම තැනින් ඒකත් ගලාගෙන යාවි.
හරි සංවේදී පද පෙලක්.

charmi said...

කිව්වා වගේ පහත්ම තැනින් ඒකත් ගලාගෙන යාවි.
හරි සංවේදී පද පෙලක්.