රනිල් ගේ සෙත් කවිය
බල තෙද ගුණැති අනුහස් ඇති සුවාමිනේ
හල මැන දිවැස කරුණා සිත ඇති පෙමිණේ
විල සට හිටිය මුත් සිරිලකට පා සෙනේ
ගල ගණ්ඩයෙන් මා සිරවුණ බවක් දැනේ
බල සුබ නැකැත් එනතුරු මග ජය කැන්දා
නිල තල දැන උපා වෙහෙසින් විඳ නින්දා
විල වැද මඩෙහි ලැග විඳිනා ලෙද ගිජිදා
කල බල නැතිව සූවිසි වසරක් වින්දා
පල නොකියන සකියෙකු පක්ෂයට නැත
කල පෙර භවයකදි පවු මිස අද වරද නැත
කුල ගොත් පැරණි දොස් හෙම දා ඉවත
දළ ඇන බිම යදිමි සුරකිනු මගෙ දෙඅත
දොළ ඇති නමුත් රජ වෙන්නට ලක් දෙරණේ
කෙල වර බවක් නොපෙනේ මිහිඳු පාලණේ
නොල දත් දිනෙක ජනපතිකම හිමි සඳුණේ
කළ පින් මදිද ඉන්න මෙහෙමම සදා අනේ හිතුවක්කාරයා
3 comments:
පින් පිරිහෙනකම් ඉන්නම් මෙතනම
නැත නැත තව පින් රට පාලනයට
මොන කවි කිව්වත් රජවෙනව බොරු...
පව් හිතුවක්කාරයා. මට නං මෑන් ගැන දුකයි. (ඊළඟට එන්න ඉන්න එකා මතක්වෙද්දි... මේ..?)
Post a Comment