Pages

Tuesday, May 15, 2012

හිතුවක්කාර පශ්නය -3



හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය අහෝසි වෙයි. දැනට අහෝසි වෙන්නට ඉඩ නොදී ඇමරිකාවේ අවමනාවෙන් තියාගෙන ඉන්නා මෙම ඇමරිකානු පුරවැසිබව එරටට ගිය සැනෙන් දිනා ගන්නට ද පොන්සේකා මහතාට හැකිවනු නියතය. ජනාධිපති සමාවක් නම් ලැදියාවක් පෙන්වා ඇත. තව කලකට පස්සේ අලුතින් තානාපති කාර්යාල අරින්නට සුදානම් දකුණු අපිකානු රටක තානාපති ධුරයක් ලැබෙන්නට ඉඩ තිබේවිදැයි පැනයකි.

No comments: