Pages

Thursday, May 17, 2012

කඩුව ලෙලවමින් ඔටුන්නට නමස්කාර කිරීම






අපි හපනුන්ය දොස් තියනා නොරටුන්ට


එද හද බැතින් නැමෙමුය ඉංගිරිසියට


නෙක ආඩම්බර පපා විරවනමුත් බටහිරට


ගැමි කම ගැමියා යටය - ටයි පටියකට






කිදහස කියන ලෙද රට නිදහස් නැතිය


සිංහල කමට සිංහලයට කෙණෙහිලිය


කඩුව පැන ඇවිත් තෙද නිල බල පාය


නැති බැරි දුකට අප කොන්කරඇති සේය






ආඩම්බරකාර නායකයාණෙනි රටට


නිවහල් රටක වහලෙකු ‍විය හැකි පවට


ගෙන රැහුණේ කඩුව ලෙලවා ඇදගෙන සුදට


ඇයි යන්නේ මගුලට ඉංගිරිසින්ගේ රටට






රැජනගේ ජුබිලියට ඇරයුම හිමිවිම


පස්වන පිරිතියට එක කරැණක් වීම


නඩ පිරිවරින් ගුවනින් ගොස් තුටුවීම


නොවටී කිරට දරැ අඩනා රටක තම




හිතුවක්කාරයා









No comments: