Pages

Tuesday, August 31, 2010

ආනන්දයෙන් ප‍්‍රඥාවට

රාත්තිරියටත් වඩා ගිනි මද්දහන ආනන්දයක් වී
ධවල වර්ණ හැඩිදැඩි සිත් ඇත්තෝ සැරිසැරූ
දෙන්නන්ට ද නොදෙන්නන් ට ද නිති සිනා සී
වහසි බස් දොඩා දන මන විකාරයක් කළෙහිය නොමනා

සාප වන්තයෝ දෙදණ ඇන පවු සමාකරගත්හ
සෘෂි පැවිද්දන් සේ පෙනී සිටියෝ ලජ්ජාවටත්
සදුන් සුවද ම නොව මහා ඝන්දස්කාරය වැපිරූවෝ
නොබා තෙද බල සම්පන්නව ජන වරම ලැබූ යුගයකි

ඝොර බිරම් ගති පා අකල්හි වැසි වස්සවා
ධන ධාන්‍ය ද වැය කර තොර තෝංචිවක් නැති කතා වැසි නිමාවී
රට කරවන්නයැයි දිනා ගත් මැති ඇමැත්තෝ
ප‍්‍රඥාවන්තයන් වනු ඇතැයි දන මග බලා හිදිද්දී

පෙළ ගැසී කුදු වෙවි අතටගත් බැල බත බුදී
කොනින් කොන කනහමින් රහ බලා තලුමරයි
උදම් රළ පෙළක් සේ වෙර වඩා ආවඩයි
රට බලා සිටියදී රජු නැගෙන ව්‍යවස්ථා මග හදයි



හිතුවක්කාරයා

1 comment:

Shadow/හේමලයා said...

එහෙම තමා නියම විජ්ජා කරයෝ.....අනික අර කියමනකුත් තියෙනවානෙ මිනිස්සුන්ට නොපෙන්නේ තමන්ගේ ඇස් ඉදිරිපිට ඇති දේමයි කියලා........